අම්මා විතරයි අන්තිමට අපිව බලන්න එන්නේ

ඔවුන්ගේ සංඛ්‍යාව හාරසිය හතළිස් අටදෙනෙක්‌ය. ඊට අමතරව ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් විඳින රැඳවියන් විශාල පිරිසක් සහ දීර්ඝකාලීන හා කෙටිකාලීන සිර දඬුවම් විඳින තවත් විශාල රැඳවියන් පිරිසක් ද වන අතර සමස්‌ත රැඳවියන් සංඛ්‍යාව තුන්දහස් දෙසීයක් වැනි ඉහළ අගයක් ගෙන ඇත්තේ මේ සියල්ලන්ගේ එකතුවක් තුළින්ය.
ඉකුත් දෙසැම්බර් මස 31 වැනි දින මේ කියන රැඳවියන් සියලු දෙනාගේ සිරගත ජීවිතයට යම් වෙනසක් එක් කළ දිනයක් විය. එය ඉතිහාසයට එකතුවන්නේ මෙරට බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී දිනයක් ලෙසින්ය. එදින සුවිශේෂීයත්වයට පත් වන්නේ කාරණා කීපයක් හේතුවෙන්ය.
ඉන් පළමුවැන්න නම් එතෙක් දිනක් තුන් වේලටම "හිරබත" රස විඳින ලද තුන්දහස් දෙසීයක් පමණ වන සිරකරුවන්හට පිටින් ගෙන්වන ලද ප්‍රනීත ආහාර වේලක් රස විඳීමට සැලැස්‌වීමය. සිරගත ජීවිතය තුළ අතුරුපස සහිතව සියලුම සිරකරුවන් වෙත එවැනි ආහාර වේලක් ලබා දුන් මුල්ම අවස්‌ථාව ලෙස මේ වන විටත් එය ඉතිහාසයට එක්‌වී හමාරය.
එ
ම සිදුවීම හා සිරකරුවන් විසින් එය විඳදරාගත් ආකාරය පිළිබඳව වන කතාව තරමක් දිගු කතාවක් වන බැවින් පළමුව එම සිදුවීම සිරකරුවන් විසින් අත්විඳි ආකාරය පිළිබඳව ලියා තැබිය යුතුය. නිදහස ලැබීම පිළිබඳ සේයාවක් පෙනෙන තෙක් මානයක නොමැති සිරකරුවන් කීපදෙනෙක් සමඟ ඒ පිළිබඳ කෙටි කතාබහක යෙදීමේ අවස්‌ථාවක් එදින අප හට උදාවූ අතර එය තරමක් සංවේදී කතාබහක් විය. බන්ධනාගාර නිලධාරීන්ගේ පූර්ණ අධීක්‍ෂණය හා ආරක්‍ෂාව මැද සිදුවූ එම කතාබහ සිදුකරන ලද්දේ අපරාධ චෝදනා මත වරදකරුවන් වී මරණ දණ්‌ඩනය සහ ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් විඳිනු ලබන සිරකරුවන් පිරිසක් සමගිනි.
පළමුව අදහස් දක්‌වන්නට ඉදිරිපත් වූවේ මරණ දණ්‌ඩනය නියමව මේ වන විට එය ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමක් බවට ලිහිල් කොට සිර දඬුවම් විඳින රැඳවියෙක් සමඟය. මේ ගෙවී යමින් පවතින්නේ ඔහු සිරකරුවකු බවට පත්ව ගතවන 22 වැනි වසරය.
"මට එල්ලුම් ගහ නියමවෙන්නෙ 1996 අවුරුද්දෙ ජූලි මාසෙ එකොළොස් වැනිදා. මටයි මගේ සහෝදරයො දෙන්නටයි එල්ලුම් ගහ නියම වුණේ මිනිස් ඝාතනයක් සම්බන්ධ වරදකට. මගේ අයිය දඬුවම් විඳින්නෙ මහර බන්ධනාගාරයෙ. මල්ලි පහුගිය කාලෙ මියගියා. මල්ලි මිය යන්නෙ වකුගඩු නරක් වෙලා.
"මගේ වසර 22 ක සිරගත ජීවිතය තුළ හොඳ රසවත් කෑම වේලක් කාල අයිස්‌ක්‍රීම් එකක් කෑවෙ පහුගිය දෙසැම්බර් 31 වැනිද. හිරකාරයෙක් බත් කාල අයිස්‌ක්‍රීම් එකක් කනව කියන්නෙ පුදුමයක්. හිරගේ ඇතුළෙ එහෙම දේවල් වෙන්නෙ නෑ. විශේෂයෙන් අපි වගේ අවුරුදු පහළොව විස්‌ස තිස්‌සෙ දඬුවම් විඳින අයට එහෙම අවස්‌ථාවක් කොහෙත්ම උදාවෙන්නෙ නෑ. ඒකට විශේෂම හේතුව තමයි දීර්ඝකාලීන දඬුවම් විඳින අයව බලන්න කාලයක් යද්දි ඒ අයගෙ පවුල්වල අයවත් නොපැමිණීම. මම අත්දැකීමෙන් දන්නව මරණ දණ්‌ඩනය හරි ජීවිතාන්තය දක්‌වා හිමි වුණාම හරි එහෙම අයගෙ "අම්ම" විතරයි අන්තිම මොහොත වෙනකම් තමන්ගෙ 'පුතාව' බලන්න සිරගෙදරට එන්නෙ." ඒ හින්ද තමයි හිර කුටිවල හිරකාරයො විසින් 'අම්ම' ගැන වැඩිපුර කවි ලියන්නෙ."
මා අභියස සිටින සිරකරුගේ ගත මෙන්ම සිත ද සිත තුළ උපදින සිතුවිලි ද සිරගතව ඇත. මා හා කතාබහ කිරීමට හිමි වූ කුඩා ඉඩකඩ තුළ පැවසීමට බොහෝ දේ ඔහු තුළ විය. බන්ධනාගාරය යනු වෙනම උප සංස්‌කෘතියක් බැවින් ඒ පිළිබඳව වෙනම කතාබහක් ඇති කළ යුතුය. මේ එයට උචිත වේලාව නොවන බැවින් මා ඔහුගෙන් නැවතත් විමසා සිටියේ ඉකුත් 31 දා ඔහුට දැනුණ ආකාරය පිළිබඳවය.
"ඇත්තටම එදා අපේ ජීවිතවලට විශේෂ දවසක්. උණු උණු බිත්තර ආප්පයක් කන්න, මඟුල් ගෙදරක ගියා වැනි හැඟීමක් ඇතිව බත් වේලක් කන්න ඊට පස්‌සෙ අතුරුපසක් රස විඳීම හරිම සුවිශේෂී අත්දැකීමක් වුණා. හිරගෙය කියන්නෙ සුන්දර තැනක් නොවුණට විශේෂයෙන්ම අපි වගේ ජීවිතාන්තය දක්‌වා දඬුවම් විඳින අයට එදා සුන්දරම දවසක් වුණා. ඒ ගෞරවය අපේ බන්ධනාගාර අධිකාරිතුමාට අනෙකුත් නිලධාරීන් මහත්වරුන්ට වගේම කිරිබත්ගොඩ ඥනානන්ද අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු "මහමෙව්නා අසපුවේ සියලුම ස්‌වාමින් වහන්සේලාට සහ ඒ සත්කාරයට සම්මාදම් වූ සියලු දෙනාට ම හිමිවෙන්න ඕන."
ඉහත සඳහන් අදහස් දැක්‌වූ සිරකරු සිය අදහස් දැක්‌වීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් තවත් සිරකරුවකු මා සමීපයට කැඳවන ලදී. මේ ගතවෙමින් පවතින්නේ ඔහු විසි අවුරුදු සිරදඬුවමකට ලක්‌ව ගතවන 12 වැනි වසරය. මුළු ලොවම 2018 නව වසර පිළිගැනීම පිණිස සූදානම් වෙමින් පැවති ඉකුත් 31 දා වැලිකඩ බන්ධනාගාරය තුළ ඔහු ලැබූ වෙනස්‌ම ආකාරයේ අත්දැකීම වචන බවට පත්වන්නේ මේ ආකාරයෙන්ය.
"හිරගත ජීවිත ගත කරන අපි වගේ අයට "ඕපන් විසිට්" එකකදිවත් නොලැබෙන ආහාර වේලක් එදා 31 වැනිද හිමිවීම විශේෂ කරුණක්. මම සාමාන්‍ය ජීවිතයේ ගුරු වෘත්තියේ යෙදිල හිටපු කෙනෙක් විදිහට එම සිදුවීම වෙනත් කෝණයකින් බලල ඒ ගැන යම් අදහසක් ද දක්‌වන්න කැමතියි."
"මගේ දඬුවමට දැන් වසර 12 ක් වෙනව. එළියෙදි යම් යම් වැරදි කළ හින්ද ඒකට හිමිවිය යුතු දඬුවම් තමයි සමූහයක් විදිහට අපි මේක ඇතුළෙ විඳිමින් ඉන්නෙ. මේ වෙද්දි අපි ඉන්නෙ ඇති පදම් විඳවල. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ දඬුවම් කාලය අපි විසින් විඳිය යුතුයි. එහෙම වටපිටාවක තමයි එදා 31 දා අපිට වෙනස්‌ම ආකාරයේ අත්දැකීමක් විඳදරා ගැනීමේ අවස්‌ථාව උදාවෙන්නෙ. ඒ ගෞරවය බන්ධනාගාර අධිකාරිතුමා ඇතුළු අනෙකුත් නිලධාරීන්ට සහ කිරිබත්ගොඩ ඥනානන්ද හිමියන්ට නිතැතින්ම හිමිවෙනව. මම එහෙම කියන්නෙ කාරණා කීපයක් මුල්කරගෙන. විවිධ ආගම්වලට අයත් නොයෙක් මතිමතාන්තර දරන පිරිසක් මෙතන ඉන්නව. අපි අතින් වැරදි සිද්ධවෙලා තියෙන එක ඇත්ත. නමුත් බෞද්ධයෙක් වශයෙන් මා ඇතුළු විශාල හිරකරුවන් පිරිසකට ආගම හරහා ඇතිවූ සිතුවිල්ලක් විඳිහට ලොකු කලකිරීමක් තිබුණ." ඇයි ඉඳහිටලවත් අපිව බලන්න, අපේ හිත් හදන්න අපේ ලොකු හාමුදුරුවරු බන්ධනාගාරයට නොඑන්නෙ කියල. මොකද සෑම වසරකම නත්තලට පල්ලියෙන් ඇවිත් ආගම් බේදයකින් තොරව හිරකාරයන් වෙච්ච අපිව බලල යනව නම් මගේ ආගම වන බුද්ධාගමෙන් ඇයි ඒක නොවෙන්නෙ කියන ගැටලුව අපට තිබුණ. සම්ප්‍රදායිකව ඇවිත් බණක් කියල යන එක ඇත්ත. නමුත් ඉන් එහා ගිය මැදිහත් වීමක් සිදු නොවීම දිගින් දිගටම ප්‍රශ්නයක් වෙමින් තිබුණ මොහොතක තමයි කිරිබත්ගොඩ ඥනානන්ද හාමුදුරුවන් ඇතුළු ස්‌වාමීන් වහන්සේල පිරිසක් හිර ගෙදරට වඩින්නෙ. ඒ නිසා එදා අපට දැනුනෙ අංගුලිමාලට පිහිට වෙන්න බුදුහාමුදුරුවෝ වැඩම කළා වගේ හැඟීමක්. උන්වහන්සේගේ වැඩමවීමත් සමඟ අපේ හිත්වල තිබුණ වේදනාව මැකුණ. අපිට දැන් දැනෙමින් පවතින්නෙ අපව බලන්න කෙනෙක් ඉන්නව වගේ හැඟීමක්."
ආගමික වතාවත් සඳහා මුල් තැනක් ලබා දෙමින් 31 දා වැලිකඩ බන්ධනාගාර භූමිය තුළ සිදු කළ වැඩසටහන් බොහොමයක් වූ අතර සිරකරුවන් විසින් එය විඳදරාගත් ආකාරය ද විවිධාකාරය. මරණ දණ්‌ඩනයට යටත්ව වසර 24 ක් තිස්‌සේ සිර දඬුවම් විඳින මුස්‌ලිම් ජාතික සිරකරුවෙක් ඔහුගේ අත්දැකීම හෙළිකරනු ලැබුවේ මේ අයුරින්ය.
"මට එල්ලුම්ගහ නියමවෙලා අවුරුදු 24 ක් වෙනව. දඬුවම් නියම වෙද්දි මම දරුවො තුන්දෙනෙක්‌ගෙ තාත්ත කෙනෙක්. දැන් මගෙ ළමයි කසාද බැඳල. මට මරණ දඬුවම ලැබුණට පස්‌සෙ බිරිඳ වෙනත් කසාදයක් කරගත්ත. මම දැන් මේ ජීවිතයට හුරුවෙලා ඉන්නෙ. දුම් බොන්නෙ නෑ. කිසිම වරදක් ඇතුළෙ කරලත් නෑ. මුළු ලංකාවෙම ඉන්න හිරකරුවන්ගේ "ප්‍රධානියා" ලෙස මම මේ වෙද්දි කටයුතු කරනව. පසුගිය දෙසැම්බර් 31 ක කියන්නෙ මගේ හිරගත ජීවිතයේ විශේෂ දවසක්. එළියෙ ඉන්න කාලෙවත් නොකෑව කෑම වේලක් එදා සියලුම හිරකරුවන්ට ලැබුණ. අපි කවදාවත් නොකාපු කෑම පවා එදා අපිට ලැබුණ. බුෆේ සෙට් හතක් දාල අයිස්‌ක්‍රීම් ලොරියක් බන්ධනාගාර භූමියට රැගෙන ඇවිල්ල හිරකාරයො වෙච්ච අපිට ඇති තරම් කන්න දීපු එක මේ අවුරුදු 24 පුරාම මම මුල් වතාවට දැක්‌කෙ එදා තමයි."
ඉහත සඳහන් කරන ලද්දේ ඉකුත් 31 දා වැලිකඩ සිරගෙදර දීර්ඝකාලීන සිරදඬුවම් විඳිනු ලබන රැඳවියන් අතරින් තිදෙනකු තමන් ලද අත්දැකීම විස්‌තර කළ අයුරුය. එවැනි වටපිටාවක් නිර්මාණය වීම පිළිබඳව වන කතාව ඉන් නිමාවට පත්වන්නේ නැත. සිරකරු සුභසාධනය සහ ඔවුන්ව නැවතත් සමාජානුයෝජනය කිරීම පිණිස විවිධ වැඩසටහන් රාශියක් ඉතාමත් සාර්ථක අයුරින් මේ වන විටත් වැලිකඩ බන්ධනාගාරය තුළ ක්‍රියාවට නැඟෙමින් පවතින අතර ඉකුත් 31 දා ක්‍රියාවට නංවන ලද්දේ ඒ අතරින් එක් වැඩසටහනක් පමණක්‌ය.
කිරිබත්ගොඩ ඥනානන්ද හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ මූලික මැදිහත්වීම සහ පූර්ණ දායකත්වය යටතේ පැවති එම ආගමික වැඩසටහන තුළ සිරකරුවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිල් සමාදන් වීම ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දහවල් දානය පිරිනැමීම, දහම් සාකච්ඡා ඇතුළු විවිධ ආගමික වතාවත්වල යෙදීම දිනයේ විශේෂ සිදුවීම් වූ අතර එහි හරය බවට පත්ව තිබුණේ සිරකරුවන්ගේ මානසිකත්වය ඉහළ තලයක් දක්‌වා ගොඩනැංවීමය.
බන්ධනාගාර කොමසාරිස් නිශාත් ධනසිංහ, වැලිකඩ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක ඇතුළු සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඒ සඳහා වන සියලුම බරපැන යොදන ලද්දේ කිරිබත්ගොඩ ඥනානන්ද හිමියන් ප්‍රධාන මහමෙව්නා අසපුව විසින්ය.
රුවන් ජයවර්ධන
ඡායාරූප - ජූඩ් ඩෙන්සිල් පතිරාජ

පළමුව අදහස් දක්‌වන්නට ඉදිරිපත් වූවේ මරණ දණ්‌ඩනය නියමව මේ වන විට එය ජීවිතාන්තය දක්‌වා සිර දඬුවමක් බවට ලිහිල් කොට සිර දඬුවම් විඳින රැඳවියෙක් සමඟය. මේ ගෙවී යමින් පවතින්නේ ඔහු සිරකරුවකු බවට පත්ව ගතවන 22 වැනි වසරය.
"මට එල්ලුම් ගහ නියමවෙන්නෙ 1996 අවුරුද්දෙ ජූලි මාසෙ එකොළොස් වැනිදා. මටයි මගේ සහෝදරයො දෙන්නටයි එල්ලුම් ගහ නියම වුණේ මිනිස් ඝාතනයක් සම්බන්ධ වරදකට. මගේ අයිය දඬුවම් විඳින්නෙ මහර බන්ධනාගාරයෙ. මල්ලි පහුගිය කාලෙ මියගියා. මල්ලි මිය යන්නෙ වකුගඩු නරක් වෙලා.
"මගේ වසර 22 ක සිරගත ජීවිතය තුළ හොඳ රසවත් කෑම වේලක් කාල අයිස්‌ක්‍රීම් එකක් කෑවෙ පහුගිය දෙසැම්බර් 31 වැනිද. හිරකාරයෙක් බත් කාල අයිස්‌ක්‍රීම් එකක් කනව කියන්නෙ පුදුමයක්. හිරගේ ඇතුළෙ එහෙම දේවල් වෙන්නෙ නෑ. විශේෂයෙන් අපි වගේ අවුරුදු පහළොව විස්‌ස තිස්‌සෙ දඬුවම් විඳින අයට එහෙම අවස්‌ථාවක් කොහෙත්ම උදාවෙන්නෙ නෑ. ඒකට විශේෂම හේතුව තමයි දීර්ඝකාලීන දඬුවම් විඳින අයව බලන්න කාලයක් යද්දි ඒ අයගෙ පවුල්වල අයවත් නොපැමිණීම. මම අත්දැකීමෙන් දන්නව මරණ දණ්‌ඩනය හරි ජීවිතාන්තය දක්‌වා හිමි වුණාම හරි එහෙම අයගෙ "අම්ම" විතරයි අන්තිම මොහොත වෙනකම් තමන්ගෙ 'පුතාව' බලන්න සිරගෙදරට එන්නෙ." ඒ හින්ද තමයි හිර කුටිවල හිරකාරයො විසින් 'අම්ම' ගැන වැඩිපුර කවි ලියන්නෙ."
මා අභියස සිටින සිරකරුගේ ගත මෙන්ම සිත ද සිත තුළ උපදින සිතුවිලි ද සිරගතව ඇත. මා හා කතාබහ කිරීමට හිමි වූ කුඩා ඉඩකඩ තුළ පැවසීමට බොහෝ දේ ඔහු තුළ විය. බන්ධනාගාරය යනු වෙනම උප සංස්‌කෘතියක් බැවින් ඒ පිළිබඳව වෙනම කතාබහක් ඇති කළ යුතුය. මේ එයට උචිත වේලාව නොවන බැවින් මා ඔහුගෙන් නැවතත් විමසා සිටියේ ඉකුත් 31 දා ඔහුට දැනුණ ආකාරය පිළිබඳවය.
"ඇත්තටම එදා අපේ ජීවිතවලට විශේෂ දවසක්. උණු උණු බිත්තර ආප්පයක් කන්න, මඟුල් ගෙදරක ගියා වැනි හැඟීමක් ඇතිව බත් වේලක් කන්න ඊට පස්‌සෙ අතුරුපසක් රස විඳීම හරිම සුවිශේෂී අත්දැකීමක් වුණා. හිරගෙය කියන්නෙ සුන්දර තැනක් නොවුණට විශේෂයෙන්ම අපි වගේ ජීවිතාන්තය දක්‌වා දඬුවම් විඳින අයට එදා සුන්දරම දවසක් වුණා. ඒ ගෞරවය අපේ බන්ධනාගාර අධිකාරිතුමාට අනෙකුත් නිලධාරීන් මහත්වරුන්ට වගේම කිරිබත්ගොඩ ඥනානන්ද අපේ හාමුදුරුවන් වහන්සේ ඇතුළු "මහමෙව්නා අසපුවේ සියලුම ස්‌වාමින් වහන්සේලාට සහ ඒ සත්කාරයට සම්මාදම් වූ සියලු දෙනාට ම හිමිවෙන්න ඕන."
ඉහත සඳහන් අදහස් දැක්‌වූ සිරකරු සිය අදහස් දැක්‌වීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් තවත් සිරකරුවකු මා සමීපයට කැඳවන ලදී. මේ ගතවෙමින් පවතින්නේ ඔහු විසි අවුරුදු සිරදඬුවමකට ලක්‌ව ගතවන 12 වැනි වසරය. මුළු ලොවම 2018 නව වසර පිළිගැනීම පිණිස සූදානම් වෙමින් පැවති ඉකුත් 31 දා වැලිකඩ බන්ධනාගාරය තුළ ඔහු ලැබූ වෙනස්‌ම ආකාරයේ අත්දැකීම වචන බවට පත්වන්නේ මේ ආකාරයෙන්ය.
"හිරගත ජීවිත ගත කරන අපි වගේ අයට "ඕපන් විසිට්" එකකදිවත් නොලැබෙන ආහාර වේලක් එදා 31 වැනිද හිමිවීම විශේෂ කරුණක්. මම සාමාන්‍ය ජීවිතයේ ගුරු වෘත්තියේ යෙදිල හිටපු කෙනෙක් විදිහට එම සිදුවීම වෙනත් කෝණයකින් බලල ඒ ගැන යම් අදහසක් ද දක්‌වන්න කැමතියි."

ආගමික වතාවත් සඳහා මුල් තැනක් ලබා දෙමින් 31 දා වැලිකඩ බන්ධනාගාර භූමිය තුළ සිදු කළ වැඩසටහන් බොහොමයක් වූ අතර සිරකරුවන් විසින් එය විඳදරාගත් ආකාරය ද විවිධාකාරය. මරණ දණ්‌ඩනයට යටත්ව වසර 24 ක් තිස්‌සේ සිර දඬුවම් විඳින මුස්‌ලිම් ජාතික සිරකරුවෙක් ඔහුගේ අත්දැකීම හෙළිකරනු ලැබුවේ මේ අයුරින්ය.
"මට එල්ලුම්ගහ නියමවෙලා අවුරුදු 24 ක් වෙනව. දඬුවම් නියම වෙද්දි මම දරුවො තුන්දෙනෙක්‌ගෙ තාත්ත කෙනෙක්. දැන් මගෙ ළමයි කසාද බැඳල. මට මරණ දඬුවම ලැබුණට පස්‌සෙ බිරිඳ වෙනත් කසාදයක් කරගත්ත. මම දැන් මේ ජීවිතයට හුරුවෙලා ඉන්නෙ. දුම් බොන්නෙ නෑ. කිසිම වරදක් ඇතුළෙ කරලත් නෑ. මුළු ලංකාවෙම ඉන්න හිරකරුවන්ගේ "ප්‍රධානියා" ලෙස මම මේ වෙද්දි කටයුතු කරනව. පසුගිය දෙසැම්බර් 31 ක කියන්නෙ මගේ හිරගත ජීවිතයේ විශේෂ දවසක්. එළියෙ ඉන්න කාලෙවත් නොකෑව කෑම වේලක් එදා සියලුම හිරකරුවන්ට ලැබුණ. අපි කවදාවත් නොකාපු කෑම පවා එදා අපිට ලැබුණ. බුෆේ සෙට් හතක් දාල අයිස්‌ක්‍රීම් ලොරියක් බන්ධනාගාර භූමියට රැගෙන ඇවිල්ල හිරකාරයො වෙච්ච අපිට ඇති තරම් කන්න දීපු එක මේ අවුරුදු 24 පුරාම මම මුල් වතාවට දැක්‌කෙ එදා තමයි."
ඉහත සඳහන් කරන ලද්දේ ඉකුත් 31 දා වැලිකඩ සිරගෙදර දීර්ඝකාලීන සිරදඬුවම් විඳිනු ලබන රැඳවියන් අතරින් තිදෙනකු තමන් ලද අත්දැකීම විස්‌තර කළ අයුරුය. එවැනි වටපිටාවක් නිර්මාණය වීම පිළිබඳව වන කතාව ඉන් නිමාවට පත්වන්නේ නැත. සිරකරු සුභසාධනය සහ ඔවුන්ව නැවතත් සමාජානුයෝජනය කිරීම පිණිස විවිධ වැඩසටහන් රාශියක් ඉතාමත් සාර්ථක අයුරින් මේ වන විටත් වැලිකඩ බන්ධනාගාරය තුළ ක්‍රියාවට නැඟෙමින් පවතින අතර ඉකුත් 31 දා ක්‍රියාවට නංවන ලද්දේ ඒ අතරින් එක් වැඩසටහනක් පමණක්‌ය.
කිරිබත්ගොඩ ඥනානන්ද හිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ මූලික මැදිහත්වීම සහ පූර්ණ දායකත්වය යටතේ පැවති එම ආගමික වැඩසටහන තුළ සිරකරුවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිල් සමාදන් වීම ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දහවල් දානය පිරිනැමීම, දහම් සාකච්ඡා ඇතුළු විවිධ ආගමික වතාවත්වල යෙදීම දිනයේ විශේෂ සිදුවීම් වූ අතර එහි හරය බවට පත්ව තිබුණේ සිරකරුවන්ගේ මානසිකත්වය ඉහළ තලයක් දක්‌වා ගොඩනැංවීමය.
බන්ධනාගාර කොමසාරිස් නිශාත් ධනසිංහ, වැලිකඩ ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරි චන්දන ඒකනායක ඇතුළු සියලුම නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඒ සඳහා වන සියලුම බරපැන යොදන ලද්දේ කිරිබත්ගොඩ ඥනානන්ද හිමියන් ප්‍රධාන මහමෙව්නා අසපුව විසින්ය.
රුවන් ජයවර්ධන
ඡායාරූප - ජූඩ් ඩෙන්සිල් පතිරාජ
01.උදෑසන දේශනාව
02.දහවල් දේශනාව
03.දහම් සාකච්චාව
No comments:
Post a Comment