වසර 152 කට පසු, විරල සඳක්
වසර 152 කට පසු, විරල සඳක් දැක ගැනීමේ අවස්ථාවක් හෙට (ජනවාරි 31 වන දා) නවම් පෝයදා මෙරට ජනතාවට හිමි වේ.
හෙට දින සුපිරි චන්ද්‍රයෙක්, මීන චන්ද්‍රයෙක් සහ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් ලෙස එම සඳේ අවස්ථා 3 ක් ශ්‍රී ලාංකිකයන්ට දැකගත හැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.
මහාචාර්යවරයා සඳහන් කළේ, ජනතාවට මෙවැනි විරල සඳක් දැක ගැනීමට අවස්ථාව හිමි වන්නේ ක්‍රි.ව 1866 පසුව බව ය.
හෙට දැක ගැනීමට ලැබෙන පුරසඳ වෙනදා දිස්වන පුරසඳට වඩා 14%කින් විශාල බව ත් දීප්තිය 30%කින් වැඩි බව ත් මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩි දුරට ත් සඳහන් කළේය.
උපුටා ගත්තේ අන්තර්ජාලයෙනි
No comments:
Post a Comment