Sunday, December 31, 2017

20-20 තරඟාවලියකදී මාලිංග සහ මහේල එකම කණ්ඩායමක




ලබන වසරේ පෙබරවාරි 20 අමුතුම අත්දැකීමක් ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට ලබා දීමට සැලසුම් කර තිබෙනවා




ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන මෙම තරගාවලිය අයිස් ක්‍රිකට් තරගාවලියක් ලෙස පැවැත්වීම විශේෂත්වයක්


මේ සදහා ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ රැදී සිටින මෙන්ම ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් සුපිරි ක්‍රීඩකයන් රැසක් මෙයට සහබාගි වන  බව  සදහන් වෙනවා


මෙම තරගාවලිය සදහා ශ්‍රීලංකාව නියෝජනය කරමින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග හා හිටපු නායක මහේල ජයවර්ධන සහබාගී වීමට නියමිතයි


රෝයල්ස් හා බද්රාස් පැලස් කණ්ඩායම් දෙක මෙම තරගාවලියේදී තරග වැදීමට නියමිතයි

තරඟාවලිය සඳහා  එක්වන රෝයල්ස් කණ්ඩායමට  එක්වන ක්‍රීඩකයින්. 

ෂයිඩ් අෆ්රිඩි, ඩැනියල් විටෝරි,ග්‍රාන්ට් එළියට්, නේදන් මැකලම්, මොන්ටි පැනසර්, ඕවේයිෂ් ෂා, ජැක් කලිස්, ග්‍රැහැම් ස්මිත්, ෂොයිබ් අක්තාර්, අබ්දුල් රසාක්,

බද්රාස් පැලස් ඩයමන්ඩ් කණ්ඩායමට එක්වන ක්‍රීඩකයින්. 

විරේන්ද්‍ර ෂෙවාග්, මයිකල් හසී, ලසිත් මාලිංග, මහේල ජයවර්ධන, මොහොමඩ් කයිෆ්, ඩුවේයි බ්‍රාවෝ.




No comments:

Post a Comment

new ads

ads