Friday, December 29, 2017
සාම්පූර් දාගැබ ඩෝසර් කල ඩෝසර් යන්ත්‍රයේ රියදුරු හා ලොරි රථයේ රියදුරු රිය අනතුරු වලට ලක් වී රෝහල් ගත කෙරේ
සාම්පුර් සූඩ කුඩා ප්‍රදේශයේ පුරාවිද්‍යා ගවේෂණයේදි සොයාගත් දාගැබ ඩෝසර් කිරිමට යොදාගත් ඩෝසරය හා එය සැගවීමට එම ඩෝසරය පටවාගෙන ගිය ලොරිය සොයා ගැනිමට පොලිසය සමත්වුණා.
දාගැබ ඩෝසර් කළ එහි ක්‍රියාකරු ඉකුත් 26දා හලාවත ප්‍රදේශයේදි රිය අනතුරකට ලක්ව රෝහල්ගත කිරිමෙන් පසු ඔහුගේ තත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇති අතර ඩෝසර් යන්ත්‍රය සැගවිමට එය පටවාගෙන ගිය ලොරි රථයේ රියදුරු එදිනම මුතුර් තෝපුර් ප්‍රදේශයේදි යතුරුපැදියෙන් ඇදවැටි මුතුර් රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ත්‍රිකුණාමලය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මුතුර් සහාකර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් දින ගණනාවක් පරික්ෂණ පවත්වා ලබා ගත් අධිකරණ නියෝග හා විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන ඩෝසරය හා ලොරිය අත්අඩංගුවට ගනු ලැබුවා. ඩෝසරය සේරුනුවර පොලිස් වසමට අයත් රිච්චලම්පත්තු ප්‍රදේශයේ සගවා තිබියදි අත් අඩංගුවට ගත් අතර ලොරිය තෝපුර් ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලොරියේ ඉදිරිපස ඉහල සම්බුදු සරණයි යන වැකිය ප්‍රදර්ශනය කර තිබිමද විශේෂත්වයක්.
ලොරිය හා ඩෝසරය යන දෙකම එක හිමිකරුවෙකුට අයත් වන අතර අයිතිකරු දන් කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු තොරතුරු වසන්කිරිමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඩෝසර් ක්‍රියාකරුද අත්අඩංගුවට ගනු ඇති.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment