Saturday, March 10, 2018

කාටිලේජ වර්ධනය කරමින් දණහිස් වේදනා සුවපත් කරන ස්වාභාවික ඖෂධ වට්ටෝරුව












දණහිස් වේදනා ඇති වීමට විවිධ හේතු සාධක බලපෑ හැකියි. සාමාන්‍යයෙන් වයස් ගත වීමත් සමග දණහිස් වේදනා ඇති වෙනවා. තවද අධික ශරීර බර , ආබාධ තත්වයන් , අධික ලෙස ව්‍යායාම් වල නිරත වීම වැනි
කරුණු නිසාත් දණහිස් වේදනා ඇති වන්නට පුළුවන්. මෙහිදී වැදගත්ම කාරණාව වන්නේ නිසි මොහොතේදී දණහිස් ආබාධ හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමු වීමයි. එසේ නොවුහොත් සිදු වන්නේ සුව කිරීමට අපහසු වන ආකාරයකින් දණහිස් වේදනා උඩු  දිවිමයි. අද විශ්ම ලෝකයෙන් අප ඔබ වෙත ගෙන එන්නේ දණහිස් වේදනා සුවපත් කර ගැනීම සදහා ඉතාම ප්‍රතිපලදායක ස්වාභාවික ඖෂධ වට්ටෝරුවක් පිළිබදවයි. මෙමගින් හානි වී ඇති දණහිස ආශ්‍රිත කාටිලේජ හා කන්ඩරා නැවත ප්‍රතිනිර්මාණය කිරීම සිදු වෙනවා. ඒ විතරක් නෙවෙයි මෙහි ප්‍රතිපල ඔබට දින කිහිපයක් ඇතුලතම අත් විද ගන්නටත් හැකියාව තිබෙනවා.
මේ බෙහෙත සැකසීම සදහා අපි භාවිතා කරන්නේ ඇට වර්ගයක්. ඔබේ දණහිස් වේදනාව අනතුරක් නිසා ඇති ආබාධමය තත්වයක් නොවේ නම් මෙම ඇට වර්ගය මගින් දණහිස් වේදනාව නිට්ටාවටම සුව කර ගැනීමට හැකියාව තිබෙනවා. මේ සදහා අප යොදා ගන්නා ඇට වර්ගය වන්නේ තල ඇටයි. තල ඇට යනු කැල්සියම් බහුල ස්වාභාවික ආහාරයක්. පොතු හැර වියලා ගත් තල ඇට ග්‍රෑම් 100ක කැල්සියම් මිලි ග්‍රෑම් 1200 ක හා මැග්නීසියම් මිලි ග්‍රෑම් 500 ක පෝෂණීය අගයක් අඩංගුයි. ඔබ තල ඇට නිතිපතා ඔබේ ආහාර වේලට එක් කර ගත්තොත් ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග ඔබට කිසිදා වැළදෙන්නේ නෑ.
දණහිස් වේදනා සුවපත් කරන බෙහෙත් වට්ටෝරුව සදහා අවශ්‍ය ද්‍රව්‍ය
තල ඇට මේස හැඳි 4
වට්ටක්කා ඇට ග්‍රෑම් 40
රසයෙන් තොර ජෙලටින් මේස හැඳි 2
වියලි මිදී මේස හැඳි 3
හණ ඇට මේස හැඳි 8
මී පැණි ග්‍රෑම් 200
හොදින් සෝදා පොතු හර ගත් තල ඇට සමගින් අනෙකුත් සියලුම අමුද්‍රව්‍ය අවශ්‍ය ප්‍රමාණයෙන් සපයා ගෙන බ්ලෙන්ඩරයක් ආධාරයෙන් හොදින් අඹරා ගන්න. දැන් මුඩිය හොදින් වැසිය හැකි හිස් ජෑම් බෝතලයක් ගෙන මිශ්‍රනය ගබඩා කර තබන්න. දිනකට දෙවරක් (උදය හා දහවල ආහාරයට පෙර ) මෙම මිශ්‍රණයෙන් මේස හැන්දක ප්‍රමාණය බැගින් පාරිබෝජනය කල යුතුයි.
මෙහි අඩංගු විශ්මිත ඖෂධිය පෝෂණ ගුණය නිසා දින කිහිපයක් ඇතුලත ඔබේ හානි වී ඇති දණහිස් කාටිලේජ හා කන්ඩරා නැවත ප්‍රති නිර්මාණය වීම ආරම්භ වෙනවා. ඉතාම කෙටි කලකින් ඔබට වේදනාවෙන් තොර නිරෝගී ජිවිතයක් පෙර සේම අත් විද ගන්නට ලැබේවි.

No comments:

Post a Comment

new ads

ads